Gossips

කතානායකගෙන් ඉල්ලීමක්

අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා විසින් නම් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සාමාජිකයන් 5 දෙනා සහ සෙසු පක්ෂ හා කණ්ඩායම් විසින් නම් කළ යුතු සාමාජිකයාගේ නම් ලද විගස ජනාධිපතිවරයා වෙත යොමු කරන බව කථානායක කාර්යාලය පවසනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සංයුතියට අනුව ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් සංඛ්‍යාව 10ක්.
එම දස දෙනා අතරට නිළ බලයෙන් පත් වන සාමාජිකයින් තුන් දෙනෙකු සිටිනවා.
ඒ, කථානායකවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයායි.
ඊට අමතරව තවත් එක් සාමාජිකයෙකු ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබනවා.
තවත් සාමාජිකයන් 5 දෙනෙකු අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයාගේ එකඟතාවයෙන් නම් කරන අතර එම 5 දෙනාට සිවිල් සමාජයේ නියෝජිතයන් ඇතුළත්.
කෙසේ වෙතත්, ඉහත ව්‍යුහය සඳහා අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා විසින් නම් කරන ලද සාමාජිකයන් 5 දෙනා සහ සෙසු පක්ෂ හා කණ්ඩායම් විසින් නම් කරන ලද සාමාජිකයා කථානායකවරයා වෙත ලැබී නොමැති බවයි කථානායක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.