රියදුරු පාසල් හිමියන් ඒවා පාලනය කරන උපදේශකවරුන්ට අල්ලස් ලබා දීමේ සිද්ධි රැසක් පිළිබඳ සාක්ෂි පවතින බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ රියදුරු උපදේශකයින් වෙනුවෙන් පැවති පරීක්ෂණයෙන් සමත් වූ පිරිසකට පත්වීම් ලබාදීම වෙනුවෙන් කොළඹ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්.