Gossips

update: අංගොඩ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ කොණ්ඩ තාරක මරුට

අංගොඩ මංසන්ධියේ අද පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් ඝාතනයට ලක්වූ අරුණ දමිත් උදයංග හෙවත් සමයං නැමැති පාතාල නායකයාගේ ගෝලයෙකු වන තාරක ඉරෝෂන හෙවත් කොණ්ඩ තාරක ජීවිතක්ෂයට පත්වුණා.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, බරපතල තුවාල ලැබූ ඔහු මුල්ලේරියාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වූ බවයි පොලීසිය සඳහන් කළේ.
33 හැවිරිදි තාරක ඉරෝෂන හෙවත් කොණ්ඩ තාරක රාජගිරිය – කලපළුවාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෙම පුද්ගලයා කලුතර බන්ධනාගාරය අසලදී වෙඩි තබා ඝාතනය කළ සමයං නැවති පාතාල නායකයාගේ ගෝලයෙක් වන කොණ්ඩ තාරක බවටයි හඳුනාගෙන ඇත්තේ.
update : Friday, 06 october 2018 – 16.41
——————————————————
අංගොඩ දී කොණ්ඩ තාරකට වෙඩි
අංගොඩ මංසන්ධියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
තුවාල ලැබූ පුද්ගලයා කළුතර බන්ධනාගාරය අසළ දී වෙඩි තබා ඝාතනය කළ සමයං නැමැති පාතාල නායකයාගේ ගෝලයෙකු වන කොණ්ඩ තාරක බවට හඳුනාගෙන තිබෙනවා.