නැගෙන ඉර සලකුණු කළ ධජය සහිත ජපාන නාවික හමුදා යාත්‍රාවක් දකුණු කොරියානු මුහුදු තීරයට පැමිණීමට එරෙහිව උතුරු සහ දකුණු කොරියානු රාජ්‍යයන් එක්ව විරෝධතාව පළ කර තිබෙනවා.
දෙවන ලෝක යුද සමයේදී ජපානය භාවිත කළ එම ධජය එරට අධිරාජ්‍යවාදී යුගයේ සංකේතයක් ලෙසයි සැලකෙන්නේ.
1910 සිට 1945 දක්වා ජපානය, කොරියානු අර්ධද්වීපය අත්පත් කරගෙන සිටි අතර, එම අතීතය මෙම ධජයෙන් සිහිපත් වන බව කොරියානුවන් පවසනවා.