Gossips

ආබාධිත වන අලියෙකුට ප්‍රතිකාර කිරීම ඇරඹෙයි (ඡායාරූප)

හම්බන්තොට හොඬවැල් පොකුණ රක්ෂිතය තුල පාදයේ ආබාධයකට ලක්ව සිටින වන අලියෙකුට ප්‍රතිකාර කිරීම ආරම්භ කර තිබෙනවා.
හම්බන්තොට වනජීවී කාර්යාලයේ සහ උඩවලව ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍ය නිලධාරීන් ඇතුලු කණ්ඩායමක් ඊට එක්ව සිටින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
ආබාධයට ලක්ව සිටින වන අලියාගේ වයස අවුරුදු 30 ක් පමණ වනවා.
ආබාධ තත්වය හේතුවෙන් ඇවිදීමට නොහැකිව සිටින අලියෙකු හොඬවැල් පොකුණ ප්‍රදේශයේ සිටින බවට ජනතාවගෙන් ලැබුනු තොරතුරකට අනුව හම්බන්තොට වනජීවී නිලධාරීන් ඒ පිළිබඳ උඩවලව ඇත් අතුරු සෙවනේ වෛද්‍යවරුන්ට දන්වා තිබුනා.
ඒ අනුවයි අලියාට ප්‍රතිකාර කිරීම ආරම්භ කර ඇත්තේ.
අලියාගේ පාදයේ ආබාධයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර එය වෙනත් අලියෙකු පහරදීමකින් අස්ථි බිඳීමක් හෝ මස් පිඩු පෙරලීමේ තත්වයක් මත සිදුවූ අබාධයක් විය හැකි බවට වනජීවී නිලධාරීන් සැක පළ කරනවා.

ඡායාරූප – හම්බන්තොට රාහුල් සමන්ත