රුපියල් ලක්ෂ 6ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති කේ. මුතුවිනායගම් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහි අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි සඳහන් කළේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් මැල්සිරිපුර ගොවිපළේ පිහිටි අවන්හල අවුරුදු දෙකක කුලී පදනම මත ලබාදීමට රුපියල් ලක්ෂ 12ක අල්ලස් මුදලක් ඔහු ඉල්ලා ඇති බවයි.
පසුව එය රුපියල් ලක්ෂ 6 දක්වා අඩු කර වෙනත් පුද්ගලයෙකු මාර්ගයෙන් සැකකරු මෙම මුදල ලබාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සභාපතිවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.