Gossips

සංචාරක ආගමනයේ වර්ධනයක්

දිවයිනට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව පසුගිය සැප්තැම්බර් මාසයේ එක්ලක්ෂ 49,087ක් ලෙස පෙර වසරට සාපේක්ෂව සියයට 2 යි දශම 8 කින් වර්ධනය වී තිබෙනවා.
එහිදී වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්.
චීනයෙන් දෙවනුව වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇති අතර, තුන්වන තැන හිමිව ඇත්තේ එක්සත් රාජධානියටයි.
ජනවාරි සිට සැප්තැම්බර් දක්වා වසරේ පළමු මාස 9 සැලකූ විට දිවයිනට විදේශ සංචාරකයන් මිලියන 1යි දශම 7 යි 3 ක් පැමිණ ඇති අතර එය පෙර වසරට සාපේක්ෂව සියයට 11 යි දශම 6 ක වර්ධනයක්.
ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ දිවයිනට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාව, චීනය, එක්සත් රාජධානිය හැරුණු කොට ඕස්ට්‍රේලියාව සහ ජර්මනියෙන්.