Gossips

දහසයේ යෝජනාවට කනක එරෙහි වේ

භාරකාර ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට කළ ආරාධනාවට තමන් අකමැති බව ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ නිදහස් පක්ෂ 16 කණ්ඩායම නියෝජනය කරන එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා ඊයේ සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ සියලුදෙනාගේ සහයෝගයෙන් පිහිටුවන භාරකාර ආණ්ඩුවක් ගොඩනැගීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සුදුසු බවයි.
ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඊට පිළිතුරු ලබාදුන් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් කියා සිටියේ මීට පෙර අවස්ථාවකදී එවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම තුළින් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් ලෙස තමන් රැවටීමට ලක්වූ බවයි.
ජාතික මැතිවරණ කල් දමන වර්තමාන ආණ්ඩුව පරාජය කරනතුරු තම සටන අත්නොහරින බව මන්ත්‍රීවරයා කියා සිටියේ, භාරකාර ආණ්ඩුවක් නිර්මාණය කිරීමේ යෝජනාවට තමන් විරෝධය පළ කරන බවයි.