Gossips

බස් රථයක් ත්‍රි රෝද රථයක ගැටී දෙදෙනෙකු මරුට – කාන්තාවක් රෝහලේ

අවිස්සාවේල්ල – කොළඹ ලෝලෙවල් මාර්ගයේ හංවැල්ල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් ත්‍රි රෝද රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ත්‍රි රෝද රථයේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 80 හැවිරිදි පියෙකු සහ ඔහුගේ 44 හැවිරිදි පුත්‍රයයි.
අනතුරින් ත්‍රි රෝද රථයේ ගමන් කළ කාන්තාවක් බරපතල තුවාල ලබා රෝහල් ගතකල බවයි අප වාර්තාකරු පැවසුවේ.
අනතුර සම්බන්ධයෙන් හංවැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.