Gossips

නව එක්දින නායකයාගෙන් ලකුණු අතරට පිවිසෙමින් සුපිරි ආරම්භයක්

එංගලන්ත කණඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම කොළඹ පී.සරා ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු පුහුණු එක්දින තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 289ක් ලබා සිටියා.
දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 77 ක් රැස්කළේ හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමගින්.
යොවුන් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් ලකුණු 61ක් රැස්කළා.
කුසල් මෙන්ඩිස් ලකුණු 22කට දැවී ගියා.
ඉනිමේ අවසන් භාගයේදී සුපිරි ඉනිමක් ක්‍රීඩා ඉසුරු උදාන පන්දු 26කදී ලකුණු 40ක් රැස්කළ අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් ඇතුලත්වුනා.
පන්දු යැවීමේදී මොයින් අලි කඩුලු 3ක් දවාගත්තා.
මීට අමතරව බෙන් ස්ටොක්ස් සහ මාර්ක් වුඩ් කඩුලු 2ක බැගින් දවාගත්තා.