Gossips

මාරක රිය අනතුරකදී රජයට මිලියනයක් වැය වන බව හෙළිවේ

මෙරට සිදුවන මාරක රිය අනතුරක් වෙනුවෙන් රජයට රුපියල් ලක්ෂ 10 ක මුදලක් වැය වන බව රථවාහන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
රිය අනතුරේ පරීක්ෂණ සඳහා යොදවන පොලිස් නිලධාරීන්ට, මහේස්ත්‍රාත්වරයාට, අධිකරණ වෛද්‍යවරයාට සහ අධිකරණ කටයුතු සඳහා අදාළ මුදල් වැයවන බවටයි ඔහු සඳහන් කළේ.
කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ දිනකට මෙරට මාරක රිය අනතුරු 08 ක් පමණ සිදුවන බවයි.