Gossips

ජනතා ගැටලු සොයන්න ගමට යන්න ඇමතිවරුන්ට ජනපතිගෙන් උපදෙස්

ජනතාවගේ දුක්ඛිත ජීවන තත්ත්වයන් පිළිබඳව ඇමතිවරුන් මෙන්ම, රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රමුඛ අවධානය යොමුවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වල මූලික ගැටළු නිරාකරණය කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
මේ අතර, වනරෝපා ජාතික වැඩසටහන සහ පරිසර සමුළුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද මන්නාරම දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.