Politics Sri Lanka

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමේ සැලසුමක්

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමේ සැලසුමක්

අද (18) මධ්‍යම රාත්‍රීයේ සිට පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව හෙට (19) පාර්ලිමේන්තු රැස්වීම නොපැවැත්වනු ඇති බවද වාර්තා වේ.

පවතින දේශපාලන ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා එලෙස සැසිවාරය කල්දැමුව හොත් ජනාධිපතිවරයා නියම කරන දිනක දෙවැනි සැසිවාරය ආරම්භ කිරීමට හැකිය.

එය උපරිම මාස දෙකක් ඇතුළත සිදු කළ යුතුය.

හදිසි ගැසට් පත්‍රයක් මුද්‍රණය සඳහා මුද්‍රණාලය සූදානම් කර තබන ලෙස දැනුම් දී ඇති බවද මේ අතර වාර්තා වේ.