Gossips

අපචාර සිද්ධියකට පියෙකු, සහෝදරයෙකු ඇතුළු 7 ක් මාට්ටු

වයස අවුරුදු 15 ක පාසල් සිසුවියන් දෙදෙනෙකු ලිංගික අපයෝජනයට ලක් කළ පියෙකු සහ සහෝදරයෙකු ඇතුළු පුද්ගලයින් 07 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තලාතුඔය – උඩුවෙල ප්‍රදේශයේ පදිංචි මෙම පාසල් සිසුවියන් දෙදෙනා කලක් තිස්සේ වරින්වර ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
ඒ හේතුවෙන් එම දැරියන් දෙදෙනා නිවෙස්වලින් පළාගොස් ඇති අතර, පසුව පොලිසියට ලැබුණු තොරතුරක් මත ඒ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
පසුව මොවුන් මහනුවර නගරයේ රැඳී සිටියදී සොයාගෙන ඇති අතර, එක් සිසුවියක් ප්‍රකාශ කර ඇත්තේ පියා සහ තවත් පුද්ගලයින් 04 දෙනෙකු විටින් විට තමන්ට ලිංගික පීඩා සිදුකළ බවයි.
එමෙන්ම, අනෙක් සිසුවියටද තමාගේ සහෝදරයා සහ තවත් ඥාති සහෝදරයෙකු විසින් අවස්ථා කිහිපයකදී ලිංගික පීඩා සිදුකර ඇති බව සදහන්.
එක් සිසුවියකගේ මවක් විදේශගතව සිටින අතර, අනෙක් සිසුවියගේ මව අසනීප තත්ත්වයෙන් පසුවන බවටයි වාර්තා වන්නේ.
මේ අතර, බලහත්කාරයෙන් තරුණියන් දෙදෙනෙකු ගණිකා වෘත්තීයේ යෙදවීමට උත්සාහ කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ කෑගල්ලේ සංචාරක නිකේතනයක හිමිකරුට සහ තවත් සේවකයෙකුට අධිකරණය ඊයේ වසර 14 බැගින් සිරදඩුවම් නියම කළේ එය සත් වසරකින් ගෙවී යන අයුරින්.