Gossips

වැලිගම්පිටියේදී මෝටර් රථයක් තුළ කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියට සැකකරුවෙකු අත්අඩංගුවට

කදාන – වැලිගම්පිටිය ප්‍රදේශයේදී කාන්තාවක් වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශය අතුරුගිරිය ප්‍රදේශයේ ඊයේ සිදු කළ විශේෂ වැටලිමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු ඝාතන සිද්ධිය වන අවස්ථාෙවිදී යොදා ගත් මෝටර් රථයද පොලිස් භාරයට ගෙන ඇති බව සදහන්.
සැකකරු 28 හැවිරිදි මොහොමඞ් රහීම් හෙවත් ප්‍රීති යන නමින් හදුන්වන අපරාධ කල්ලි සාමාජිකයෙකු බවයි පොලීසිය සදහන් කළේ.
අදාළ කාන්තාව මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී වෙඩි තබා ඝාතනය කරනු ලැබූයේ පසුගිය සැප්තැම්බර් 30 වනදායි.
ඉලක්කය වැරදීමකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණ වුණා.