Gossips

මට්ටක්කුලියේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

මට්ටක්කුලිය – සමිට්පුර ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
ඊයේ රාත්‍රී මෙම පුද්ගලයා සිය බිරිද සහ කුඩා දරුවා සමග ගමන් කරමින් සිටි ත්‍රිරෝද රථය නවතා පුද්ගලයෙකු ඊට ගොඩවී ඇති බව සදහන්.
ඔහු සමග රුපියල් 25,000ක ණය මුදලක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් ඝාතනය සිදුවී ඇති බවයි පොලීසිය සදහන් කළේ.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ 29 හැවිරිදි මෙම පුද්ගලයා ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඝාතනය සිදුකළ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.