Gossips

ට්‍රයිටන් වැටලූ CIA මෙහෙයුම

ට්‍රයිටන් නමින් හැදින්වෙන මුහුදු බෙල්ලන්ගේ වාසස්ථානය ගැඹුරු මුහුදු පතුලයි.
අතිශයින් දුර්ලභ මෙම සත්වයන් මෙන්ම සත්ව කොටස් ලග තබාගැනීම ද වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත අනුව වරදක්.
මෙම බෙල්ලන් තුලට මල් පොහොට්ටු දැමු පසු ඒවා පිපෙන බවත් බෙලි කටුව සන්තකයේ තබා ගැනීමෙන් වාසනාව උදාවන බවටත් වන විශ්වාසය මත දෙස් විදෙස් බොහෝ දෙනෙකු මේවා තමන් සතු කර ගැනීමට උත්සාහ දරනවා.
නීතියේ ඇසට වැලි ගසමින් මෙම ට්‍රයිටන් බෙල්ලන් ජාවාරම සිදුවන්නේ රුපියල් කෝටි ගණන්වලටයි.
පසුගිය දිනක හිරු සී.අයි.ඒ. වෙත තොරතුරු ලබාදුන් පුද්ගලයෙකු ප්‍රකාශ කලේ ත්‍රීකුණාමලයේ වෙසෙන සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් ට්‍රයිටන් බෙල්ලන් පන පිටින් අධි ශීතකරනවල තබාගෙන ඒවා විකිණීමේ ජාවාරමක නිරත බවයි.
ඒ අනුව ජාවාරම්කරුවෙකු සමග හිතවත්කමක් ගොඩනගාගැනීමෙන් අනතුරුව ඔහු ඉමෝ තාක්ෂණය හරහා එම සත්වයාගේ වීඩියෝ දර්ශන අප වෙත යොමු කර තිබුනා.
ජාවාරම්කරු ට්‍රයිටන් ගණුදෙනුව සිදුකිරීම සදහා පැමිණෙන ලෙස දැන්වුයේ ත්‍රීකුණාමලය නගරයේ මැද පාර ප්‍රදේශයේ ඔහු පවත්වාගෙන යන සම්භාහන ආයතනයකටයි.
වලාන දුෂන මර්ධන ඒකකයේ අනෙක් නිලධාරීන්ගේ ද සහභාගීත්වයෙන් වැටලීම සිදු කළේ ඉන් අනතුරවයි.