Politics Sri Lanka

පාර්ලිමේන්තු සැසිය කල් තබන්නේ නැහැ – ජනාධිපති ලේකම්

පාර්ලිමේන්තු සැසිය කල් තබන්නේ නැහැ – ජනාධිපති ලේකම්

පාර්ලිමේන්තු සැසිය කල් තැබීමක් සිදු නොවන බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

ජනාධිපතිපතිවරයා විසින් අති විශේෂ ගැසට්නිවේදනයක් මගින් පාර්ලිමේන්තු සැසිවාරය මාර්තු 26 වැනිදාතෙක් කල් තැබීමට යන බවට පැතිර ගිය ආරංචි ගැන ජනාධිපති ලේකම්වරයාගෙන් මාධ්‍ය විසින් කළ විමසීමකදී ඔහු එය ප්‍රකාශ කර ඇත.

පාර්ලිමේන්තු සැසිවාරය කල් නොතබන බවත් නියමිත පරිදි හෙට (19) දිනයේ පාර්ලිමේන්තුව පැවැත්වෙනු ඇති බවත් ජනාධිපති ලේකම්වරයා ප්‍රකාශ කරයි.

අති විශේෂ ගැසට් පත්‍රයක් මුද්‍රණය කිරීමට එවන බව රජයේ මුද්‍රණාලයට කළින් දැනුම් දී තිබුණි.