Gossips

සිංහරාජ මායිමේ වස යොදා ගස් මැරීමේ ජාවාරමක්

ලෝක උරුම සිංහරාජ වනාන්තරයට යාබද කලවාන – කුඩුමීරිය යෝජිත රක්ෂිතය ආසන්නයේ ඉඩමක පිහිටි ශාක රසායනික ද්‍රව්‍ය යොදා මරාදමා ඇති බවට හිරු ප්‍රවෘත්ති අංශයට තොරතුරු වාර්තා වුණා.
පෞද්ගලික සමාගමක් විසින් ආනයනික වල්ලාපට්ටා වගා කිරිම සදහා මෙලෙස ශාක වලට හානි කර ඇති බවයි වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානය ප්‍රකාශ කලේ.
යන්ත්‍ර සුත්‍ර මගින් ශාක සිදුරු කර ඒ තුලට විෂ රසායනිකය ඇතුල් කර ඇත්තේ එම ශාක ස්වභාවික මරණයට පත් වු බවට පෙන්නුම් කිරිම සදහායි.
කුඩා ගග සහ දෙල්ගොඩ ගග පෝෂණය කරන ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයක් වන කුඩුමීරිය රක්ෂිතය අවට ගම්මාන රැසක්ද පිහිටා තිබෙනවා.
වනාන්තරය මරා දැමීමට යොදා ගත් රසායනික ද්‍රව්‍ය ජලයට එකතු වුවහොත් එම ගම්මාන වල ජිවත් වන ජනතාවගේ සෞඛ්‍ය තර්ජනයක් එල්ල විය හැකි බවයි වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානයේ කැදවුම්කරු ජයන්ත විජේසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.
අප මධ්‍යම පරිසර අධිකාරියේ සබරගමුව පලාත් කාර්යාලයේ ජේ්‍යෂ්ඨ පරිසර නිලධාරි සරත් චන්ද්‍රසිරිගෙන් කල කරුණු විමසිමකදී ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් තම කාර්යාලයටද තොරතුරු වාර්තා වී ඇති බවයි.
ඒ අනුව ඊට සම්බන්ධ පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක කිරිමට ඉදිරියේදි කටයුතු කරන බව ඔහු සදහන් කළා.