Gossips

ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුර ලබාදීම ගැන එජාපයෙන් කමිටුවක්

එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එම පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් අද (18) පෙරවරුවේ පැවැත්වුණා.
පසුගිය දා ආසන සංවිධායක ධුරයෙන් ඉවත්වීමට ලිපියක් භාරදුන් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මෙම සාකච්ඡාවට සහභාගි වී තිබෙනවා.
මෙහිදී පසුගිය දා අවසන් වූ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පසු විපරමක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
විශේෂයෙන් කොට්ඨාශයන් පරාජයට පත්වූ හිටපු විපක්ෂ නායකවරුන්ට සහ සභාපතිවරුන්ට ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුර ලබාදීම සම්බන්ධයෙන් නිර්නායක ඉදිරිපත් කිරීම සඳහා කමිටු පත් කිරීමට ද තීරණය වී තිබෙනවා.
එනේම සියයට 25ක කාන්තා නියෝජිතයින් පළාත් පාලන ආයතනවලට පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර, එක්සත් ජාතික පෙරමුණේ මැති ඇමතිවරුන් අද රාත්‍රී 7ට අරලිය ගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවනවා.
පෙරවරුවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සමඟ පැවැති සාකච්ඡාවේදී ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් පෙරමුණේ නියෝජිතයින් දැනුවත් කිරීම මෙන්ම වත්මන් දේශපාලන තත්ත්වය පිළිබදව ද මෙහිදී අවධානය යොමු කරනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.