Gossips

චීන සමාගමකට අයත් ගබඩාවක ගින්නක්

බණ්ඩාරගම පානදුර මාර්ගයේ බොල්ගොඩ ප්‍රදේශයේ පිහිටි චීන සමාගමකට අයත් ගබඩාවක අද අලුයම හටගත් ගින්නක් මැඩ පවත්වා තිබෙනවා.
ගින්නෙන් ගබඩාවේ තිබු දේපළවලට දැඩි අලාභ හානි සිදුව ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇතැයි අනාවරණ වී තිබෙනවා.
හොරණ ප්‍රාදේශීය සභාවේ ගිනි නිවීම් ඒකකය පැය 3 ක පමණ මෙහෙයුමකින් පසු ගින්න මැඩපවත්වා තිබුනා.
ජීවිත හානි හෝ තුවාල සිදුවීම් වාර්තාවී නොමැති අතර සිදුවූ අලාභය ද මෙතෙක් තක්සේරු කර නැහැ.
පානදුර පොලිසිය වැඩිදුර විමර්ශණ මෙහෙයවනවා.