Gossips

කැබිනට් ප්‍රකාශක පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් එල්ල කළ චෝදනාවට නිදහස් පක්ෂයෙන් පිළිතුරු

පළාත් සභා මැතිවරණය නව ක්‍රමයටම පැවත්විය යුතු බවට නිදහස් පක්ෂය පවසන්නේ ප්‍රතිපත්තිමය තීරණයකට අනුව බව එහි මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළේ් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ඊයේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී දැක්වු අදහස් වලට ප්‍රතිචාර දක්වමින්.
එහිදි රාජිත සේනාරත්න අමාත්‍යවරයා කියා සිටියේ පැරණි ක්‍රමයට පලාත් සභා මැතිවරණය පැවත්විමට විරුද්ධ වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් බවයි.