Gossips

අධිකරණ නියෝගයෙන් පසු ඇමරිකාව, ඉරානයට තවත් එරෙහි වෙයි

ඉරානයට පනවන ලද සම්බාධක ලිහිල් කරන ලෙස ජාත්‍යන්තර අධිකරණය නියෝග කිරීමෙන් පසු ඇමරිකාව, ඉරානය සමඟ 1955 වසරේදී ඇති කරගත් ගිවිසුමක් අවලංගු කර තිබෙනවා.
එම ගිවිසුම ඇමරිකාව විසින් උල්ලංඝනය කර ඇති බවට ඉරානය පෙන්වාදීමෙන් පසු සම්බාධක ලිහිල් කරන ලෙසයි ජාත්‍යන්තර අධිකරණය ඊයේ ඇමරිකාවට නියෝග කළේ.
ඒ අනුව මානුෂීය භාණ්ඩ සහ ගුවන් සේවා කටයුතු සඳහා පනවා ඇති සම්බාධක ඉවත් කරන ලෙස ජාත්‍යන්තර අධිකරණය ඇමරිකාවට දැනුම් දුන්නා.