Gossips

දිඹුලාගල අලි මෙහෙයුම

මිනිස් ජීවිත සහ දේපළ රැසක් විනාශ කළ වන අලියෙකු දින 03ක මෙහෙයුමකින් අනතුරුව අල්ලා ගැනීමට පොළොන්නරුව වන ජීවී නිලධාරීන් සමත්ව තිබෙනවා.
ප්‍රදේශවාසීන්ගේ සහයද ඇතිව දිඹුලාගල, ඇල්ලේවැව ප්‍රදේශයේදී ඊයේ (03) දහවල් මෙම සත්වයා අල්ලා ගැනීමට හැකිවූ බවයි ජීවී නිලධාරීන් පවන්නේ.
අවුරුදු 40ත් 45ත් අතර වයසක පසුවන මෙම වන අලියා හොරොව්පතාන අලි සංරක්ෂණ මධ්‍යස්ථානයට රැගෙන ගිය බවයි අප වාර්තාකරු පැවසුවේ.