Gossips

පූනෑව නාවික හමුදා කඳවුර ආසන්නයෙන් අත් බෝම්බ දෙකක් සොයා ගැනේ

මැදවච්චිය, පූනෑව නාවික හමුදා කඳවුර ආසන්නයේ කඳවුරු සීමාවෙන් පිටත තිබී අත්බෝම්බ දෙකක් ඊයේ (03) පස්වරුවේ සොයාගෙන තිබෙනවා.
මැදවච්චිය පොලිසිය පැවසුවේ නාවික හමුදා කඳවුරට මීටර 300ක පමණ දුරින් වන පූනෑව වැව අසළ බෝක්කුවක් ආසන්නයේ තිබි මෙම අත්බෝම්බ දෙක සොයා ගැනුණු බවයි.
යාපනය – නුවර ප්‍රධාන මාර්ගයේ මිනුම් කටයුතු සිදුකරනු ලැබු පිරිසක් අදාළ බෝම්බ දෙක දැක අනතුරුව පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව එය සොයා ගැනීමට හැකිව තිබෙනවා.
පොලිසිය වැඩිදුරටත් පැවසුවේ මැදවච්චිය අධිකරණයේ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මෙම අත් බෝම්බ දෙක නිශ්ක්‍රීය කිරීමට නියමිත බවයි.