Gossips

අම්බලන්තොට නිවසකින් පැහැරගත් 17 හැවිරිදි තරුණිය හමුවෙයි

අම්බලන්තොට වලව්වත්ත ප්‍රදේශයේ නිවසකට පැමිණි පිරිසක් විසින් පැහැරගෙන ගිය 17 හැවිරිදි තරුණිය සොයාගෙන තිබෙනවා.
ඒ තංගල්ල අපරාධ විමර්ශණ ඒකකයේ නිලධාරීන් සිදු කළ විමර්ශණයකදීයි.
පැහරගනු ලැබු බව කියන තරුණිය සහ සැකකාර තරුණයා අද සවස 5 ට පමණ සොයා ගැනුනේ තිස්සමහාරාම වීරවිල ප්‍රදේශයේ නිවසක සිටියදීයි.
ඔවුන්ගෙන් කළ ප්‍රශ්ණ කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ තරුණියගේ කැමැත්තෙන් ඇයගේ සැලසුමකට අනුව මෙම පැහැර ගැනීම සිදුකර ඇති බවයි.
තරුණිය ඊයේ රාත්‍රී තම මවගේ දුරකථනයෙන් පෙම්වතාට ඇමතුමක් ලබාදීමෙන් අනතුරුව සැකකරුවන් නිවසට පැමිණ ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.
සැකකාර තරුණයා තවත් පිරිසක් සමග යතුරුපැදිවලින් තරුණියගේ නිවසට පැමිණ තිබු බව සඳහන්.
නිවසේ දොර කඩා ඇතුලුවීමෙන් පසුව තමා සතුව තිබු ගිනි අවිය බිම වැටීම හේතුවෙන් ක්‍රියාත්මක වූ බවට සැකකාර තරුණයා පොලිසිය හමුවේ ප්‍රකාශකර තිබෙනවා.
කිසියම් පිරිසක් නිවසට බලහත්කාරයෙන් ඇතුලුවී තම 17 හැවිරිදි දියණිය පැහැරගත් බවට ඇයගේ දෙමව්පියන් ඊයේ අම්බලන්තොට පොලිසියට පැමිණිලි කර තිබුනා.
ඒ සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශයේ නිලධාරීන් සහ අම්බලන්තොට පොලිසියේ නිලධාරීන් සිදු කළ විමර්ශණයකදීයි සැකකාර තරුණයා සහ තරුණිය අත්අඩංගුවට ගැනුනේ.
සිද්ධිය පිළිබඳ තවදුරටත් විමර්ශණ ක්‍රියාත්මකයි.