Gossips

බොදුබල සේනා සංවිධානය මහ නාහිමිවරුන් බැහැ දකී

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ලබාදී ඇති සිරදඬුවම සම්බන්ධයෙන් මහ නාහිමිවරුන් දැනුම්වත් කිරීමට අද බොදු බල සේනා සංවිධානයේ නියෝජිතයින් මහනුවරට පැමිණියා.
එහිදී මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන් මෙන්ම රාමඤ්ඤ මහ නිකායේ මහනාහිමියන්ද බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ, පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් කියා සිටියේ නිලය සහ බලය මත රටේ නීතිය දෙයාකාරයකට ක්‍රියාත්මක වන බවයි.