Gossips

නියඟයෙන් පීඩාවූ පවුල් හාරලක්ෂ පනස් එක්දහසකට අඛන්ඩව සහන

නියඟයෙන් පීඩාවට පත් පවුල් හාරලක්ෂ පනස් එක්දහස් දෙසිය විසි හතරකට සහන ලබාදීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව වගා හානි වූ පවුල්, ධීවර සහ වෙනත් කෘෂිකාර්මික පවුල් වෙත මෙම සහන හිමිවනු ඇති.
මේ අතර පොලිස් නිලධාරීන්ට උසස් අධ්‍යාපන පහසුකම් ලබාදීම පිණිස ජාතික මට්ටමේ විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර විසිනුයි මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ.