Gossips

හෝමාගම, හයිලෙවල් මාර්ගය අවහිර කරමින් විරෝධයක්

හෝමාගම ජන අයිතීන් සුරකීමේ ව්‍යාපාරය සංවිධානය කරන විරෝධතාවයක් හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ හෝමාගම අවට දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙනවා.
පිටිපන මංසන්ධියෙන් හයිලෙවල් මාර්ගය අවහිර කරමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරතවනවා.
හෝමාගම පිටිපන ප්‍රදේශය ආශ්‍රිතව බස්නාහිර සහ මහා නගර සංවර්ධන අමාත්‍යංශය සිදුකිරීමට නියමිත තාක්ෂණ නගර ව්‍යාපෘතියකට විරෝධය පළකරමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරතවනවා.