Gossips

කාන්තාවකගේ ගෙල කැපූ අයෙක් පොලිස් දැලේ

තියුණු ආයුධයකින් ගෙල කැපීම නිසා බරපතල තුවාල ලැබූ කාන්තාවක් අද (03) උදෑසන ඇටම්පිටිය දිසා රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඇටම්පිටිය, වේල්ලෙවෙල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31 ක විවාහක කාන්තාවක් සිද්ධියෙන් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
මුදල් ආරවුලක් මත ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් අසල්වැසියෙකු විසින් මෙම කාන්තාවගේ ගෙල කපා තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු තිස් එකක පුද්ගලයෙක් ඇටම්පිටිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.