Gossips

පිදුරංගල සිද්ධියට අත්අඩංගුවට ගත් තරුණයින් තිදෙනා යළි රිමාන්ඩ්

ඓතිහාසික පිදුරංගල පර්වතය මත සිට අඩ නිරුවත් ඡායාරූප ගෙන අන්තර්ජාලයට මුදාහැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයින් තුන්දෙනා මේ මස 10 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ ඔවුන් අද (03) දඹුල්ල මහේස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ගලේවෙල ප්‍රදේශයේ පදිංචි මොවුන් දඹුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 26 වනදායි.