Gossips

ජනපති හමුවීමට වාසු සැරසේ

නව ආණ්ඩුවක් බිහි කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී සාකච්ඡා කළ යුතු බවට යෝජනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර, ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කර තිබෙනවා.
මෙම රැස්වීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) රාත්‍රියේ පැවැත්වුණේ ඔහුගේ නිල නිවසේදීයි.
තම යෝජනාවට ඒකාබද්ධ විපක්ෂයේ නායකයින්ගෙන් සාධණීය ප්‍රතිචාරයක් ලැබුණු බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර කියා සිටියේ.
පවතින දේශපාලන තත්ත්වය සාකච්ඡා කිරීමට තමන් තනිව හෝ ඉදිරියේදී ජනාධිපතිවරයා හමුවන බව ඔහු මෙහිදී සඳහන් කළා.
මේ අතර, රටේ පවතින ආර්ථික තත්ත්වය පිළිබදව සාකච්ඡා කිරීම සදහා පැමිණෙන ලෙස ජනාධිපතිවරයා තමන්ට කළ ආරාධනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන ද ඒකාබද්ධ විපක්ෂ පක්ෂයේ පක්ෂ නායකයින් දැනුවත් කර තිබෙනවා.
කෙසේ වෙතත්, එහිදී ඒකාබද්ධ විපක්ෂයට සාකච්ඡාවක් සදහා ආරාධනා කරන්නේ නම් පමණක් ජනාධිපතිවරයා හමුවීමට තීරණය කෙරුණු බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කියා සිටියේ.