Gossips

කැකිරාවේ ඉන්ධන පිරවුම්හලක කොල්ලයක්

කැකිරාව – මරදන්කඩවල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකට අයත් රුපියල් ලක්ෂ 10 කට අධික මුදලක් කොල්ලකා තිබෙනවා.
ඊයේ (02) පස්වරුවේ අදාළ මුදල බැංකුවේ තැන්පත් කිරීම සදහා ඉන්ධන පිරවුම්හලේ සේවකයෙකු යතුරුපැදියකින් රැගෙන යමින් සිටියදී තවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ඒ 9 මාර්ගයේ – ඔලුකරඳ ප්‍රදේශයේදී මෙම කොල්ලය සිදුකර ඇති බවයි පොලීසිය සදහන් කළේ.
මාර්ගය හරස් කර තියුණු ආයුධයක් පෙන්වා මෙම කොල්ලය සිදුකර තිබෙනවා.
සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි කැකිරාව පොලීසිය සදහන් කළේ.