Gossips

අගමැති නෝර්වේ රාජ්‍යයේ නිල සංචාරයක් සඳහා පිටව යයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නිල සංචාරයක් සඳහා අද (03) අලුයම නෝර්වේ රාජ්‍ය බලා පිටත්ව ගොස් තිබෙනවා.
එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ. 349 දරණ යානයෙන් ඔහුත් සමඟ 14 දෙනෙකුගෙත් යුත් දූත පිරිසක් මෙරටින් පිටත්ව ගොස් ඇති බවයි ගුවන්තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ.
අග්‍රමාත්‍යවරයා මෙම සංචාරයේදී නෝර්වේ අගමැතිනි අර්නා සෝල්බර්ග් සහ විදේශ ඇමතිනිය වන ඊනේ එරික්සන් ද හමුවීමට නියමිතයි.
මෙම සංචාරයෙන් පසු අග්‍රාමාත්‍යවරයා ලන්ඩන් නුවර බලා පිටත්ව යනු ඇති.