Gossips

වැස්ස දිගටම – මුහුද අවදානම්

ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපය තුළත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ඒ අනුව ඇතැම් පළාත්වලට මිලිමීටර 150 ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකියි.
එසේම පුත්තලම සිට මන්නාරම හරහා යාපනය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය ක්‍ෂණිකව වැඩිවීමේ අවදානමක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මෙන්ම පුත්තලමේ සිට මීගමුව දක්වා ධීවරයන්ටද හෙට උදෑසන 6 දක්වා මුහුදු යාමෙන් වළකින ලෙසයි ධීවර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
ඊයේ පස්වරුවේ වැසි සහ සුළං තත්ත්වයත් සමග ඇතිවූ අකුණුසැර වැදීමකින් ඇල්පිටිය -ගුරුසිංහගොඩ ප්‍රදේශයේ නිවාස කිහිපයක දේපලවලට හානි සිදුව තිබූ අතර, වයස අවුරුදු 7 ක කුඩා දරුවෙකුද තුවාල ලබා තිබුණා.
මේ අතර, පුත්තලම, ආනමඩුව, ආඩිගම සහ මදවන්කුලම ප්‍රදේශවල ඊයේ රාත්‍රියේ හමාගිය තද සුළඟින් නිවාස සහ වෙළඳසැල් 426 කට හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.