Gossips

තේක්ක ගස් කැපීමේ ජාවාරමක නිරතවූ තුන්දෙනෙකු අත්අඩංගුවට

හබරණ – ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගයේ ගල්ඔය – රොටවැව ප්‍රදේශයේ රක්ෂිතයක තේක්ක ගස් කැපීමේ ජාවාරමක නිරතවූ පුද්ගලයින් තුන්දෙනෙකු හබරණ අඩවි වන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද අලූයම මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ අවස්ථාවේ රක්ෂිතයෙන් කපා ප්‍රවාහනයට සුදානම් කර තිබූ තේක්ක දැව විශාල ප්‍රමාණයක්ද සොයාගෙන ඇති බව සඳහන්.
සැකකරුවන් රොටවැව ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර, ඔවුන් අද කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.