Gossips

හෂීස් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

හෂීස් කිලෝ එකයි ග්‍රෑම් 18 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන්දියාවේ සිට ඊයේ අලූයම මෙරටට පැමිණි 37 හැවිරිදි සහ 41 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදී ඇති බව සඳහන්.
කොළඹ 12 සහ කටුගස්තොට ප්‍රදේශවල පදිංචි සැකකරුවන් අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ලබන 7 වනදා දක්වා රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත බව පොලීසිය ප්‍රකාශ කළා.