Gossips

පළාත් කිහිපයකට මිලිමීටර් 150ක තද වැසි

ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද පස්වරු 2න් පසුව දිවයින පුරා බොහෝ ස්ථානවල තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ උතුරුමැද, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 දක්වා වූ ඉතා තද වැසි ඇති විය හැකි බවයි.
එමෙන්ම සෙසු පළාත්වලට ද මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.