දඹුල්ල – මැණික්දෙන – මහවත්ත ප්රදේශයේදී වඳුරෙකු සපා කෑමෙන් බරපතල තුවාල ලැබූ කුඩා ගැහැණු ළමයින් දෙදෙනෙකු ප්රතිකාර සඳහා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
රෝහල් ප්රකාශකයෙකු සඳහන් කළේ ඊයේ පස්වරුවේ රෝහල් ගත කෙරුණු මොවුන් ජලභීතිකා එන්නත ද ලබාදී ඇති බවයි. මෙලෙස වදුරෙකුගේ ප්රහාරයට ලක්වී ඇත්තේ එකම පවුලේ අවුරුදු 5ක් සහ 10ක් වයසැති දැරියන් දෙදෙනෙක්.