Gossips

දෙමව්පියන්ට ගිනි අවි පෙන්වා තර්ජනය කර තරුණියක් පැහරගෙන යයි (ඡායාරූප)

අම්බලන්තොට වලේවත්ත ප්‍රදේශයේ 17 හැවිරිදි තරුණියක් කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇතැයි කියන සිද්ධියක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
ඇයගේ දෙමව්පියන් අම්බලන්තොට පොලිසියට පැමිණිලි කර ඇත්තේ අද අලුයම නිවසට පැමිණි පිරිසක් විසින් තම දියණිය පැහරගෙන ගිය බවයි.
පුද්ගලයන් 6 දෙනෙකු ගිනි අවි සහ ආයුධ රැගෙන පැමිණ පියාට සහ සොයුරියට පහරදී තරුණිය පැහැරගෙන ගොස් ඇතැයි සඳහන්.
පැහැරගෙන යාමට පැමිණි පිරිස නිවසේ ඉදිරිපස දොර කඩා තරුණිය නිදා සිටි කාමරයට ගොස් එම කාමරයේ දොර ද කඩා ඊට වෙඩි පහරක් ද එල්ලකර ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.
සිද්ධිය පිළිබඳ අම්බලන්තොට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ.

ඡායාරූප – හම්බන්තොට රාහුල් සමන්ත හෙට්ටිආරච්චි