Gossips

මට පිස්සු නැහැ – නාමල් කුමාරගෙන් ප්‍රකාශයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ කිසිදු කුමන්ත්‍රණයක් නොතිබූ බව වරකාපොළ නා සෙවන සදහම් ආශ්‍රමයේ විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය සූරියවැව – සුමේධ හිමියන් පවසනවා.
ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් තොරතුරු හෙලි කළ ¥ෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර, හිටපු ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා වරකාපොල නාසෙවන සදහම් ආශ්‍රමයේ උත්සවයක් සඳහා ගෙන්වා ගැනීමට බලවත් උත්සාහයක් දරා ඇති බවට පසුගිය දා මාධ්‍ය ඔස්සේ තොරතුරු අනාවරණ කළා.
ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් සහ සබරගමුව පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය සභාපති උදයකාන්ත ගුණතිලක කෑගල්ල අරණායක ප්‍රදේශයේ පසුගිය 27 වන දා පැවති මාධ්‍ය හමුවකදී ද අදහස් පළ කළා.
කෙසේ වෙතත්, එවන් කිසිදු ඝාතන කුමන්ත්‍රණයක් නොතිබූ බවයි වරකාපොළ නා සෙවන සදහම් ආශ්‍රමයේ විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය සූරියවැව සුමේධ හිමියන් විහාරස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.
මේ අතර, දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර ද එම මාධ්‍ය හමුවට එක්වෙමින් තමාට මානසික රෝගයක් වැලදී ඇති බවට ඇතැමුන් නගන චෝදනාවලට පිළිතුරු ලබාදෙමින් කියා සිටියේ පරීක්ෂණ කටයුතු යට ගැසීමේ අරමුණින් මෙලෙස තමන්ට අසත්‍ය චෝදනා එල්ල කරන බවයි.