Gossips

ප්‍රවීන රංගන ශිල්පී සුනිල් ප්‍රේමකුමාර අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී සුනිල් ප්‍රේමකුමාර අද පෙරවරුවේ කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.
හෘදයාබාධයක් හේතුවෙන් පසුගිය දා රෝහල්ගත කළ ඔහු මිය යන විට 62 වන වියේ පසුවුණා.
1956 වසරේ උපත ලද සුනිල් ප්‍රේමකුමාර, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ මඩොල්දූව චිත්‍රපටයේ දගයා චරිතයට රංගන දායකත්වය ලබාදුන්නේ 1976 වසරේදියි.
මමයි රාජා, චණ්ඩි රාජා, ඇරසොයිසා, කැකිල්ලේ රජ්ජුරුවෝ, හෝ හතුරෝ ඇතුළු චිත්‍රපට රැසකට මෙන්ම ටෙලිනාට්‍ය රැසකට ද ඔහු සිය රංගන දායකත්වය ලබාදී තිබෙනවා.