Gossips

ඉන්දුනීසියාවේ සුන්බුන් අතර තිබූ කුඩා දරුවන් 34කගේ මළ සිරුරු සොයා ගැනේ

ඉන්දුනීසියාවේ පසුගිය සිකුරාදා සිදුවූ රික්ටර් මාපකයේ 7.5ක භූ කම්පනයෙන් පසු ඇති වූ සුනාමි රළ හේතුවෙන් දේවස්ථානයක සුන්බුන් අතර සිර වී තිබූ කුඩා දරුවන් 34 දෙනෙකුගේ සිරුරු අද සොයාගෙන තිබෙනවා.
එරට ආරක්ෂක අංශ සහ ආපදා අංශ එක්ව මෙහෙයුම් තවදුරටත් සිදු කරමින් පවතිනවා.
සුනාමි තත්ත්වයෙන් පුද්ගලයින් දහසකට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇති බවයි ඉන්දුනීසියානු උප ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.