Gossips

ආවා කල්ලිය වවුනියාවේ අත්පත්‍රිකා බෙදයි

'ආවා' කල්ලිය නමින් වවුනියාව නගරයේ ස්ථාන කිහිපයක අත්පත්‍රිකා ඊයේ (01) දමාගොස් තිබූ බව වවුනියාව ආරක්ෂක අංශ පවසනවා.
කුරුමන්කාඩුව, වෛරවපුලියන්කුලම, දුම්රියපොළ පාර, නුවර පාර ආදි ස්ථානවල අදාළ අත්පත්‍රිකා බෙදා හැර තිබු බවයි වවුනියාව ආරක්ෂක අංශ පවසන්නේ.
මුහුණ වසා ගනිමින් සිටින පිහියක් අතින්ගත් පුද්ගලයෙකුගේ රුව රැගෙන 'ආවා' නමින් සදහන් ජායාරූපයකින් යුතුව මෙම අත්පත්‍රිකාව සකස්කර තිබෙනවා.
"අපි ජනතාවගේ ගැටළුවෙනුවෙන් ඕනෑම අවස්ථාවක පෙනී සිටිනවා. අපි ජනතාවගේ විරෝධීන් නොවෙමු. ඕනෑම අවස්ථාවක වවුනියාව නගරයේ ස්ථාන කිහිපයකම අපේ පිරිස් සිටිනවා." යනුවෙන් මෙම අත්පත්‍රිකාවේ සදහන්ව ඇති බවයි ආරක්ෂක අංශ සදහන් කළේ.
මෙම අත්පත්‍රිකා බෙදා හැර තිබූ පුද්ගලයින් සොයා පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලිසිය පැවසුවේ.
බෙදා හැර තිබූ අත්පත්‍රිකාව පහතින්.

වවුනියාව – මාධව කුලසූරිය