Gossips

වෙඩි වැදුණු වන අලියෙක් හම්බන්තොට, පන්වැව රක්ෂිතයෙන් හමුවෙයි (ඡායාරූප)

වෙඩි වැදුණු වන අලියෙක් හම්බන්තොට, ගොන්නොරුව, පන්වැව ප්‍රදේශයේ රක්ෂිතයේ අසාධ්‍ය තත්ත්වයෙන් සිටිය දී හමුවු බව හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක නිළධාරීන් පවසනවා.
එම නිලධාරීන් වැඩිදුරටත් පවසන්නේ එම සත්වයාගේ පාදයකට වෙඩි වැදී ඇති බවයි.
වයස අවුරුදු 25 ක් පමණ වන මෙම වන අලියාට ප්‍රතිකාර කිරිම සඳහා උඩවලව ඇත් අතුරු සෙවනේ වෛද්‍ය කණ්ඩායමක් සත්වයා සිටින ස්ථානයට යාමට කටයුතුකර තිබූ බවයි අප වාර්තාකරු පැවසුවේ.
ගොන්නොරුව, පන්වැව ආශ්‍රිත රක්ෂිතයේ දඩයම්කරුවන් නිරන්තරයෙන් සැරිසරන හෙයින් කැළයට ඇතුල්වූ දඩයක්කරුවන් විසින් වන අලියාට මෙලෙස වෙඩි තැබීම සිදුකරන්නට ඇතැයි වනජීවි නිළධාරීන් පවසනවා.

ඡායාරූප – හම්බන්තොට, සනත් ගමගේ