Gossips

ළමා අයිතිවාසිකම් සහ වරප්‍රසාද ගැන ජනපති කතා කරයි

ලෝක ළමා දිනයේ දී ළමා අයිතිවාසිකම් හා වරප්‍රසාද පිළිබඳව මෙන්ම ඔවුන්ට සමාජයෙන් එල්ල වී තිබෙන අභියෝග පිළිබඳව ද වගකිව යුතු සියළු පාර්ශවයන්ගේ අවධානය යොමු විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ගාල්ල – බලපිටිය – රේවත ජාතික පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
මේ අතර, ලෝක ළමා දින සිතුවම් දැක්ම සමාරම්භක උත්සවය ද අද පස්වරුවේ ආරම්භ වූයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්.