Gossips

තේ අපනයනය පහළට

මෙරට තේ අපනයනය අගෝස්තු මාසයේදී කිලෝග්‍රෑම් මිලියන 23.9 දක්වා සියයට 3.8කින් පහත වැටී තිබෙනවා.
එමෙන්ම තේ අපනයනය ආදායම ද අගෝස්තුවේදී රුපියල් බිලියන 18.6 දක්වා සියයට 7.5කින් පහත වැටී ඇති බවයි තැරැව්කාර සමාගම් ප්‍රකාශ කළේ.
එමෙන්ම වසරේ මුල් මාස 8 සැලකූ විට අපනයන කළ තේ ප්‍රමාණය ද කිලෝග්‍රෑම් මිලියන 3.5කින් පහත වැටීම විශේෂත්වයක්.