Gossips

මධ්‍යම කඳුකරයට තද වැසි

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට අද පස්වරුවේ ඇද හැලූණු අධික වර්ෂාවත් සමඟ හැටන් ප්‍රදේශයේ පහත් බිම් කිහිපයක් ජලයෙන් යට වී තිබෙනවා.
අප වාර්තාකරුවන් සඳහන් කළේ වැසිත් සමඟ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට ද බාධා එල්ල වී ඇති බවයි.
මීට අමතරව හැටන් නගරයේ වැසි ජලය ගලා බසින කාණු පද්ධතිය අවහිර වීම නිසා නගරයේ ඇතැම් ස්ථාන ජලයෙන් යටවී පවතින බවයි අප වාර්තාකරුවන් කියා සිටියේ.


(ඡායාරූප – හැටන් රංජිත් රාජපක්ෂ )