Gossips

මත්ස්‍ය මිල ගණන්වල අඩුවක්

මත්ස්‍ය මිල ගණන් සීග්‍ර ලෙස පහත බැස ඇති බව ධීවර සංස්ථාව පවසනවා.
මේ වනවිට රුපියල් 350 ට අලෙවි වූ බලයා මත්ස්‍ය කිලෝග්‍රෑමයක් රුපියල් 150 ත් 200 ත් අතර මිලක පවතින බවයි එම සංස්ථාව ප්‍රකාශ කළේ.
එමෙන්ම කෙළවල්ලා කිලෝග්‍රෑමයක් රුපියල් 300ක මිලක පවතින අතර, එය පසුගිය දිනවලට සාපේක්ෂව සියයට 40 ක පමණ අඩුවීමක්.
පසුගිය දිනවල ධීවර කටයුතු සඳහා පැවති යහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වැඩි වශයෙන් මත්ස්‍ය අස්වනු ලැබීම මෙලෙස මිල ගණන් අඩු වීමට බලපා තිබෙනවා.