Gossips

අම්මයි, පුතයි ගෙළ වැලලාගෙන සියදිවි හානිකර ගන්නට පෙර පුතා ලියූ සංවේදී ලිපිය (ඡායරූප)

මහනුවර, මුල්ගම්පොල ප්‍රදේශයේදී ගෙළ වැලලාගෙන සියදිවි හානිකරගත් මවක සහ පුත්‍රයෙකුගේ සිරුරු ඊයේ (17) සවස සොයා ගැනුණා.
සියදිවි හානිකරගත් පුත්‍රයා විසින් ලියන ලද ලිපියක් නිවසේ සාලයේ බිත්තියේ ගසා තිබියදී පොලිසියට හමුවී තිබෙනවා.
මෙම දිවි නසා ගැනීම ඔවුන් විසින්ම සිදුකර ගන්නා බවට එහි සඳහන්ව ඇති බවයි පොලිසිය කියා සිටියේ.
එහි සඳහන් කර ඇත්තේ පාදයේ තිබූ තුවාලයක් සම්බන්ධයෙන් ඇතිවූ සිත් තැවුල්ලක් හේතුවෙන් තමන් සහ මව මෙලෙස සියදිවි හානිකරගත් බවයි.
මෙලෙස දිවි නසාගෙන ඇත්තේ අවුරුදු 69 ක් වන කාන්තාවක් සහ අවුරුදු 44 ක් වයසැති පුත්‍රයායි.
ඔවුන් දෙදෙනා නිවසේ මුලුතැන්ගෙය තුල බාල්කයක ගැට ගැසූ සාරි පොටක ආදාරයෙන් එකම ස්ථානයේ ගෙළ වැලලාගෙන ඇති අතර මීට දින දෙකකට පමණ පෙර මෙය සිදුව ඇති බවටයි මුලික විමර්ශණවලදී හෙළිවී ඇත්තේ.
මහනුවර පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර තිබෙනවා.
සියදිවි හානිකරගත් පුත්‍රයා විසින් ලියන ලද ලිපිය පහතින්.

ඡායරූප – මහනුවර, කමල් සුරවීර